දැඩි හිරු එළියට නිරාවරණය වී සිට....එකවරම නිවස තුළට ගිය විට ටික වෙලාවක් යන තෙක් කිසිවක් පැහැදිලිව නොපෙනේ.......





   ●මිනිස් ඇස ප්‍රධාන වශයෙන් ස්ථර තුනකින් සමන්විතය ..... ඒවා....,,, පිටතින්ම ඇති තන්තුමය ස්ථරය , (ස්වච්චය හා ශ්වේත ඝන ස්ථරය ) මධ්‍ය වාහිනීමය ස්ථරය (රුධිර ග්‍රාහිය , ප්‍රතියෝජක දේහය , තාරා මණ්ඩලය ) අභ්‍යන්තර ස්නායුක ස්ථරය ( දෘෂ්ටි විතානයද) වේ ..............

    ●ශ්වේත ඝන ස්ථරය අක්ෂි ගෝලයේ අපරව හා පාර්ශ්වික ප්‍රදේශයේ පිටතින්ම පවතින අතර එය....ඇසේ ඉදිරිපසදී...පැහැදිලි පාරදෘශ්‍ය අපිඡ්චද පටලයක් වන ස්වච්ඡය සමග සම්බන්ධ වී ඇත...ස්වච්ඡයට පිටුපසින් , තාරා මණ්ඩලයේ කේන්ද්‍රීයව පිහිටා ඇති විවරය කණිනිකාව නම් වේ....



 පැහැදිලි දෘෂ්ටියක් සදහා කණිනිකාවේ ප්‍රමාණය වෙනස් කරගනිමින් ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරගත යුතුය....මෙය ස්වයංසාධක ස්නායු පද්ධතිය මගින් පාලනය කරනු ලබන ක්‍රියාවකි....

 

වැඩි ආලෝකයේදී කණිනිකාව සංකෝචනය කරගැනීම මගින් ආලෝකය වැඩි ප්‍රමාණයක් ඇසට ඇතුළු වීම මගින් සංවේදී දෘෂ්ටි විතානයට සිදු විය හැකි හානිය වලක්වා ගනී....

එසේම අඩු ආලෝකයේදී...කණිනිකාවේ විවරය විශාල කරගැනීමෙන් ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය වැඩිකර ගනියි..එමගින් ආලෝක ප්‍රතිග්‍රාහක සක්‍රීය කිරීමට ප්‍රමාණවත් තරම් ආලෝක කිරණ ඇසට ඇතුළු වීමට ඉඩ සලසයි....එමගින් අඩු ආලෝක තත්ත්වයකදී පෙනීම ලබා දේ.....


මේ අනුව දැඩි හිරු එලියේ සිටින විට කණිනිකාව සංකෝචනය වී පවතී.....එක්වරම නිවස තුලට ගිය විට.....එළියේදී මෙන් දැඩි ආලෝකයක් ඇසට නොලැබේ...කණිනිකාවද සංකෝචනය වී පවතී....එබැවින් එක්වරම පැහැදිලි පෙනීමක් නොලැබේ ....මද වෙලාවකට පසුව කණිනිකාව විශාල කරගැනීම මගින් පැහැදිලි පෙනීමක් සදහා අවශ්‍ය තරම් ආලෝකය ඇසට ඇතුළු කරගැනීමෙන් පැහැදිලි දෘෂ්ටියක් ලැබේ.......ක්ෂණික විදුලි විසන්ධි වීමකදීද මෙවැන්නක් සිදුවේ ......