මේ අනුව ......භ්‍රමණය සදහා අවස්ථාව ලබා දෙන්නේ....උරහිස් සන්ධිය පමණක් බැවින්   



මිනිසාගේ  ගාත්‍රා සැකිල්ලට  පූර්ව ගාත්‍රා යුගල හා උර මේඛලාවත්......අපර  ගාත්‍රා  යුගල  හා  ශ්‍රෝණි  මේඛලාවත්  අයත්  වේ.....


මිනිසාගේ   පූර්ව ගාත්‍රය  ,  ප්‍රගණ්ඩාස්ථිය , අරාස්ථිය , අන්වරාස්ථිය , හස්ථකූර්චාස්ති ,  හස්ථකූර්චෝපරිය හා  ඇගිලි  පුරුක්  වලින් සමන්විතය ........


ප්‍රගන්ඩාස්ථියේ   හිස  අංශඵලකයේ   ග්ලෙනොයිඩ  කුහරය සමග  සන්ධානය  වීමෙන්   අසම්පූර්ණ   ගෝල  කුහර   සන්ධියක්  වන  උරහිස්   සන්ධිය   නිර්මාණය කරයි.....


මෙමගින්    උරහිස් සන්ධියට  පුළුල්  පරාසයක  චලනය  වීමේ   හැකියාව   ලැබී  ඇත.....

එනම්.....සම්මින්ජනය , ප්‍රසර්ජනය , අභිනයනය , අපනයනය , භ්‍රමණය  , පරිනයනය , යන  චලන  සදහා  හැකියාව ලැබී  ඇත......


ප්‍රගන්ඩාස්ථියේ   විදුර  කෙළවරේ   ඇති  සන්ධාන   පෘෂ්ඨ   දෙක  අරාස්ථිය හා  අන්වරාස්ථිය සමග  සන්ධානය  වී...වැලමිට  සන්ධිය  ඇති  කරයි.....මෙය  අසව්  සන්ධියක්  ලෙස  ක්‍රියා කරන  බැවින්   යටි  බාහුවේ....සම්මින්ජන  හා  ප්‍රසර්ජන  චලන  සදහා  පමණක්   අවස්ථාව  ලබා  දේ.....


මේ  අනුව  ......භ්‍රමණය සදහා අවස්ථාව  ලබා  දෙන්නේ....උරහිස් සන්ධිය  පමණක් බැවින්   උරහිස  වටා  අත  කැරකැවිය හැකි  වුවද  වැලමිට   එලෙස  කැරකැවිය නොහැකි  වී  ඇත.....