■වෘක්ක තුලන් රුධිරය ගලා ගොස් අපද්‍රව්‍ය පෙරා හරින නමුත්...නිරෝගී අයකුගේ මුත්‍රවල රුධිර සෛල අඩංගු නොවේ..🤔
වෘක්කයක ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වෘක්කාණුවයි.....බාහික වෘක්කාණු හා ජක්ෂ්ට මජ්ජාමය වෘක්කාණු ලෙස වෘක්කාණු ආකාර දෙකක් ඇත.....වෘක්කයක වැඩිපුරම ඇත්තේ බාහික වෘක්කාණුය.....
වෘක්කාණුවයක් තනි දිගු නාලිකාවකින් හා රුධිර කේෂනාලිකා ගුලියකින් සමන්විත වේ .....ගුච්ජිකාව ලෙස හදුන්වන්නේ මෙම රුධිර කේෂනාලිකා බෝලයයි......
දිගු නාලිකාවේ එක් කෙලවරක් සංවෘත වන අතර එය කෝප්ප හැඩැතිය ....එය බෝමන් ප්‍රාවරය ලෙස හදුන්වන අතර ...බෝමන් ප්‍රාවරය මගින් ගුච්ජිකාව වට කරනු ලබයි.....
බෝමන් ප්‍රාවරය බිත්ති දෙකකින් සමන්විතය ....ඇතුළු බිත්තිය පෙරීම සදහා විශේෂණය වූ පැතලි අපිච්ඡද සෛල ස්ථරයකින් සමන්විතය.....එහි පිටත බිත්තිය සරල ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත....එම ඇතුළු හා පිටත ස්ථර දෙක අතර අවකාශය ප්‍රාවර අවකාශයයි.....එය ගුච්ජිකා පෙරනය ලබා ගැනීමට ඉඩ සලසයි...
ගුච්ජිකාව (රුධිර කේෂනාලිකා බෝලය) තුලින් ගමන් කරන රුධිරය අධික පීඩනයක් යටතේ බෝමන් ප්‍රාවරයේ කුහරය තුළට පෙරී යාම අතිපරිස්‍රාවණයයි.....
ගුච්ජිකා රුධිර කේෂනාලිකා සිදුරු සහිත වන අතර , බෝමන් ප්‍රාවරයේ ඇතුළු ආස්තරණයේ සෛල කුඩා ප්‍රමාණයේ අණු හා අයන වර්ග පෙරීම සදහා විශේෂණය වී ඇත....මෙම විශේෂණය වීම් මගින් ජලය හා කුඩා ද්‍රාව්‍ය අණු වර්ගවල රුධිර කේෂනාලිකා බිත්ති හරහා බෝමන් ප්‍රාවරය තුළට ගමන් කිරීමට ඉඩ සලසයි.....නමුත් රුධිර සෛල , පට්ටිකා හා ප්ලාස්ම ප්‍රෝටීන වැනි විශාල අණුවලට මේ හරහා බෝමන් ප්‍රාවරය තුළට ගමන් කල නොහැකිය ......
මේ අනුව නිරෝගී පුද්ගලයකුගේ ගුච්ජිකා පෙරනයේ රුධිර සෛල අඩංගු නැත.....අවසානයේ මුත්‍ර ලෙස බැහැර කරන්නේ තවදුරටත් සැකසූ ගුච්ජිකා පෙරනයයි.....
එබැවින් නිරෝගී පුද්ගලයකුගේ මුත්‍ර වල රුධිර සෛල අඩංගු නැත......


0 Comments