🎯ප්‍රතික්‍රියා සීඝ්‍රතාව,සීඝ්‍රතාවයට බලපාන සාධක,ඒකක
✍️ප්‍රතික්‍රියා වේගය/සීඝ්‍රතාවය යනු ඒකක කාලයකදී ප්‍රතික්‍රියකයක හෝ ඵලයක සිදුවන ප්‍රමාණයේ/සාන්ද්‍රනයේ වෙනසයි.
✍️ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට බලපාන සාධක වන්නේ උෂ්ණත්වය,සාන්ද්‍රනය/පීඩනය,ප්‍රතික්‍රියකවල භෞතික අවස්ථව සහ පෘෂ්ඨීය වර්ගඵලය,උත්ප්‍රේරක,පවත්නා ද්‍රාවකය වේ.
✍️උෂ්ණත්වය වැඩිකිරීමේදී තාපදායක මෙන්ම තාප අවෂෝශක ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය ද වැඩිවේ.
✍️උෂ්ණත්වය 10°C කින් පමණ වැඩිවීමේදි, සීඝ්‍රතාවයද දෙගුණයක පමණ වැඩිවේ.
✍️සීඝ්‍රතාවයේ ඒකක
▪️ද්‍රාවණවල දී ⇒ moldm⁻³ s⁻¹
▪️වායු කලාපයේදී ⇒ Pa s⁻¹ atm s⁻¹
------------------------------------
🎯සීඝ්‍රතා/වේග නියතය-k
✍️දෙන ලද ප්‍රතිකියාවක වේග නියතයකට සංඛ්‍යාවක් හා (අදාල) ඒකක ඇත.
▪️එකම ප්‍රතික්‍රියාවක වුවද එය විවිධ උෂ්ණත්ව වලදි වෙනස් ය.
✍️සීඝ්‍රතාවයේ ඒකකය සමස්ථ පෙල මත රදා නොපවතී.
නමුත් සීඝ්‍රතා නියතයේ ඒකකය සමස්ථ පෙල මත රදා පවතී.
------------------------------------
🎯සක්‍රියන ශක්තිය
✍️සක්‍රියන ශක්තිය යනු ප්‍රතික්‍රියක මගින් ඵල නිපදවීම සදහා සංඝට්ටනයවන අණුවලට තිබිය යුතු අවම ශක්තියයි.
✍️ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය සක්‍රියන ශක්තිය මත රදා පවති.
------------------------------------
🎯සංඝට්ටන වාදය
✍️රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමට,
1.ප්‍රතික්‍රියක අණු සංඝට්ටනය විය යුතුයි.
2.ප්‍රතික්‍රියක අණු සක්‍රියන ශක්තිය ඉක්මවිය යුතුයි.
3.අණු නිවැරදි දිශාවකට සංඝට්ටනය විය යුතුයි.
✍️අණු එකිනෙක සංඝට්ටනය වුවද ඒ සියලු සංඝට්ටන සියල්ලම ඵල ඇති නොකරයි.එනම් අවශ්‍ය ඵලය සෑදීමට නම් ප්‍රතික්‍රියක අණු ගැටිය යුත්තේ උචිත දිශානතියකින් යුතුව වේ.එවැනි සංගට්ටන,සඵල සංඝට්ටන වේ.
✍️සඵල සංඝට්ටන සංඛ්‍යාවේ වැඩිවීමත් සමග ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩිවන අතර,එය මුළු සංඝට්ටන සංඛ්‍යාවට සමානුපාතික වේ.
------------------------------------
🎯සීඝ්‍රතා/වේග නියමය
✍️වේග නියමය-රසායනික ප්‍රතික්‍රියාවක තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන ප්‍රතික්‍රියා කරන විශේෂවල ස්ටොයිකියෝමිතික සංගුණකවල සමාන වන හෝ සමාන නොවන යම් බලයකට නංවන ලද ඒ ඒ ප්‍රතික්‍රියකයේ මවුලික සාන්ද්‍රන ඇසුරෙන් ප්‍රතික්‍රියා වේගය/සීඝ්‍රතාව ප්‍රකාශ කරන ප්‍රකාශනයයි.
------------------------------------
🎯ප්‍රතික්‍රියාවක පෙල
✍️ප්‍රතික්‍රියාවක පෙල යනු ප්‍රතික්‍රියකවල සාන්ද්‍රන,ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට බලපාන ආකාරයයි.
▪️සීඝ්‍රතාව = k[A]ˣ[B]ʸ
මෙහි A හා B වල සාන්ද්‍රන ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට බලපාන ආකාරය පෙන්වීමට X හා Y යන යම් බලයකය නැංවිය යුතුය.මේ බල ප්‍රතික්‍රියාවේ A හා B අනුබද්ධ පෙල යනුවෙන් හදුන්වයි.
✍️සමස්ථ පෙල යනු වේග නියම ප්‍රකාශනයේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රන පද නංවා ඇති බලවල එකතුව වේ.
ඉහත උදාහරණයට අනුව සමස්ථ පෙල (X+Y)වේ.
✍️ප්‍රතික්‍රියාවක පෙල,පරීක්ෂණ මගින් පමණක් නීර්ණය කරන ආණුභවික නියතයකි.
✍️යම් ප්‍රතික්‍රියාවකට සාපේක්ෂව පෙල රදා පවතිනුයේ ප්‍රතික්‍රියා මාර්ගය/ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය මත වේ.එබැවින්,පෙල වෙනස් වනුයේ ප්‍රතික්‍රියා මාර්ගය/ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය වෙනස් වූ විට පමණි.
✍️මූලික ප්‍රතික්‍රියාවක පෙල,එහි ස්ටොයිකියෝමිතික සංගුණකයට සමානවේ.
✍️යම් ප්‍රතික්‍රියාවක පරීක්ෂණනාත්කව සොයන පෙල,එහි ස්ටොයිකියෝමිතික සංගුණකයට සමාන නොවේ නම්,එය අනිවාර්යයෙන් මූලික ප්‍රතික්‍රියාවක් නොවේ.
------------------------------------
🎯ශුන්‍ය පෙල,පලමු පෙල සහ දෙවන පෙල ප්‍රතික්‍රියා
✍️ශුන්‍ය පෙල ප්‍රතික්‍රියා යනු ප්‍රතික්‍රියා වේගය/සීඝ්‍රතාවය,ප්‍රතික්‍රියක සාන්ද්‍රනයෙන් ස්වායත්ත වූ ප්‍රතික්‍රියා වේ හෝ ප්‍රතික්‍රියා වේගය,ප්‍රතික්‍රියක සාන්ද්‍රනයේ ශුන්‍ය බලයට සමානුපාතික ප්‍රතික්‍රියා වේ.
A⇒ඵල
සීඝ්‍රතාව=K[A]⁰
∴සීඝ්‍රතාව=K
▪️එනම් ශුන්‍ය පෙල ප්‍රතික්‍රියාවකදී, ප්‍රතික්‍රියාව නියත සීඝ්‍රතාවයෙන් සිදුවන අතර,එම සීඝ්‍රතාවය සීඝ්‍රතාවය සීඝ්‍රතා නියතයට සමාන වේ.
✍️පලමු පෙල ප්‍රතික්‍රියා යනු ප්‍රතික්‍රියාවේ වේගය/සීඝ්‍රතාවය ප්‍රතික්‍රියක සාන්ද්‍රනයේ පලමුවල බලයට සමානුපාතික වන ප්‍රතික්‍රියා වේ.
සීඝ්‍රතාව=K[A]
✍️දෙවන පෙල ප්‍රතික්‍රියා යනු ප්‍රතික්‍රියාවේ වේගය/සීඝ්‍රතාවය ප්‍රතික්‍රියක සාන්ද්‍රනයේ දෙවන
බලයට සමානුපාතික වන ප්‍රතික්‍රියා වේ.
සීඝ්‍රතාව=K[A]²
------------------------------------
🎯මූලික ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියා
✍️මූලික ප්‍රතික්‍රියාවක් යනු එක් පියවරකින් සිදුවන ප්‍රතික්‍රියා වේ.
✍️බහු පියවර ප්‍රතික්‍රියාවක් යනු පියවර කීපයක් සහිත ප්‍රතික්‍රියා වේ.
▪️බහු පියවර ප්‍රතික්‍රියාවක සමස්ථ සීඝ්‍රතාවය සක්‍රියන ශක්තිය වැඩිම පියවර/සෙමෙන් සිදුවන පියවර මත රදාපවතී.එය වේග නීර්ණ පියවර වේ.
------------------------------------
🎯ප්‍රතික්‍රියාවක අණුකතාව
✍️අණුකතාව යනු ප්‍රතික්‍රියාවට සහභාගී වන අණු ගණන වේ.
------------------------------------
🎯අර්ධ ජීව කාලය
✍️ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය යනු යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක,ප්‍රතික්‍රියක සාන්ද්‍රනය අර්ධයක් වීමට ගතවන කාලයයි.
✍️t1/2 ලෙස සංකේතවත් කරයි.අර්ධ ජීව කාලය කෙරෙහි උෂ්ණත්වය බලපායි.
✍️පලමු පෙල ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය,ආරම්භක සාන්ද්‍රනයෙන් ස්වායත්ත වේ.
✍️නමුත් ශුන්‍ය පෙල හා දෙවන පෙල ප්‍රතික්‍රියාවල අර්ධ ජීව කාලය ප්‍රතික්‍රියාවල මුල් සාන්ද්‍රනය මත රදා පවතී.
✍️ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය මත එහි,අර්ධ ජීව කාලය වෙනස් වේ.සීඝ්‍රතාවය වැඩිනම් අර්ධ ජීව කාලය අඩුයි.සීඝ්‍රතාවය අඩුනම් අර්ධ ජීව කාලය වැඩියි.
✍️අර්ධ ජීව කාලය සැමවිටම සීඝ්‍රතා නියතය මත රදා පවතී.
✍️ප්‍රතික්‍රියාවක සීඝ්‍රතා නියතය,උෂ්ණත්වය මත රදා පවතී.එනම් උෂ්ණත්වය වෙනස් වීමේදී සීඝ්‍රතා නියතය වෙනස් වේ.
------------------------------------
🎯උත්ප්‍රේරක
✍️උත්ප්‍රේරක යනු සක්‍රියන ශක්තිය අඩු නව මාර්ගයක් ඔස්සේ ප්‍රතික්‍රියාව සිදු කරමින්,ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය වැඩි කරවන ප්‍රභේද වේ.
සැ.යු-උත්ප්‍රේරකයක් අඩු සක්‍රියන ශක්තියෙන් යුත් විකල්ප මාර්ගයක් සපයනු ලබන අතර එය ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු නොකරයි.
එනම්,ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියේ මුල් අගය එසේම පවතී.එහෙත් උත්ප්‍රේරිත නව මාර්ගයට ඇත්තේ අඩු සක්‍රියන ශක්තියකි.එය කන්දක් නොනගිමින් උමගක් හරහා ගමන් කිරීමක් වැනිය.(2017 res.Book)
✍️උත්ප්‍රේරක,
උත්ප්‍රේරිත නොවූ ප්‍රතික්‍රියාවේ සෙමෙන් සිදුවන වේග නීර්ණ පියවර මගහරිමින් ප්‍රතික්‍රියාවට සක්‍රියන ශක්තියෙන් අඩු විකල්ප මාර්ගයක් දෙන අතර,ඒ අනුව ඒ උෂ්ණත්වයේදී ම වැඩි ප්‍රතික්‍රියා සීඝ්‍රතාවක් දක්වයි.
✍️උත්ප්‍රේරක මගින්,
(1)ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය හෝ සමතුලිතතා ලක්ෂ්‍යයේ වෙනසක් සිදු නොකරයි.
(2)ස්ටොයිකියෝමිතික අනුපාතයන්ගේ වෙනසක් සිදු නොකරයි.
(3)එන්තැල්පි විපර්යාසය වෙනස් නොකරයි.
(4)ප්‍රතික්‍රියාවේ ස්වංසිද්ධතාවයට බලපෑමක් නොකරයි.
(5)ලැබෙන ඵල ප්‍රමාණය වෙනස් නොකරයි.නමුත් ඒකක කාලයකදී ලබාදෙන ඵල ප්‍රමාණය වැඩි කරයි.
✍️උත්ප්‍රේරකයක් ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවල සක්‍රියන ශක්තිය එකම ප්‍රමාණයකින් අඩු කලද එකම භාගයකින් අඩු නොකරයි.
✍️උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණයෙන් අනතුරුව වැය නොවේ.එනම් රසායනිකව වෙනස් නොවී පවතී.භෞතික විපර්යාසයන්ට ලක්විය හැක.
✍️ප්‍රතික්‍රියාව සිදුවන කාලය තුලදී,ආරම්භයේ හා අවසානයේ උත්ප්‍රේරක සාන්ද්‍රනය නියතව තිබුනද ප්‍රතික්‍රියාව අතරතුරදී උත්ප්‍රේරක සාන්ද්‍රනය වෙනස් විය හැක.
✍️උත්ප්‍රේරකය වේග නීර්ණ පියවරට සහභාගි වන්නේ නම්,එහෙ සාන්ද්‍රනයද ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට බලපායි.
✍️ස්වයං උත්ප්‍රේරකයක් යනු ප්‍රතික්‍රියාවෙන්ම සෑදෙන ඵලයකි.
---------------------------------
🎯ප්‍රතික්‍රියාවක වේගය/සීඝ්‍රතාවය ප්‍රකාශ කිරීම
✍️යම් මොහොතක දී වේගය(තක්කාල වේගය)
වේග වක්‍රයේ යම් ලක්ෂ්‍යකට අදින ලද ස්පර්ශකයේ බෑවුමෙන් අදාල මොහොතේ ප්‍රතික්‍රියාවේ තක්කාල වේගය ලැබේ.
✍️ආරම්භක සීඝ්‍රතාවය/වේගය යනු ප්‍රතික්‍රියක මිශ්‍ර කරන ලද මොහොතේ පවතින දී තක්කාල වේගයයි.(ප්‍රතික්‍රියාවක
ආරම්භක මොහොතේ පවතින සීඝ්‍රතාවය යි.)
මෙය ගණනය කරනු ලබන්නේ t=0 දී වේග වක්‍රයය අදින ලද ස්පර්ශකයේ අනුක්‍රමණයෙනි.
✍️මධ්‍යක වේගය/සීඝ්‍රතාවය යනු විශාල කාල පරාසයක් තුල,සාන්ද්‍රනයේ සිදුවන්නා වූ මුළු වෙනස සලකා සීඝ්‍රතාවය ගනනය කල විට ලැබෙන සීඝ්‍රතාවය යි.
Coped by-- science panthiya
0 Comments