ද්‍රාව්‍යතා ගුණිතය .(Kₛₚ )
ජලයේ මද වශයෙන් ද්‍රාවණය වන ඝන අයනික සංයෝගයක් (අවක්ෂේපයක් ) එම සංයෝගයෙන් සංතෘප්ත ජලීය ද්‍රාවණයක් තුල ඇති කරගන්නා ගතික සමතුලිතය ආශ්‍රිත නියතයක් තමයි Kₛₚ කියන්නේ.....
යම් ද්‍රාවණයක් යම් අයනයකින් සංතෘප්තයි නම්.......ඊළගට අයනය එක් කළ මොහොතේම ද්‍රාවණයේ අදාල සංයෝගයේ අවක්ෂේපය ඇතිවේ.....නිදසුන් ලෙස.....Cl⁻ අයන පවතින ද්‍රාවණයක් සලකමු......
එවැනි ද්‍රාවණයකට බාහිරින් Ag⁺ එකතු කරයි.....එ් විදිහට Ag⁺ එක් කරගෙන යනකොට එක්තරා අවස්ථාවකදී.....ද්‍රාවණය Ag⁺ වලින් සංතෘප්ත වේ.....එනම් ඊළඟ මොහොතේදී Ag⁺ යෙදූ සැනින් ද්‍රාවණය තුළ AgCl අවක්ෂේපය ඇති වේ......වෙන විදිහකට කියනවනම්.......Ag⁺ වලින් ද්‍රාවණය සංතෘප්තයි කියන්නේ....ද්‍රාවණය තුළ තියාගන්න පුළුවන් උපරිම Ag⁺ අයන ප්‍රමාණය පැවතීමයි..එතනින් පස්සේ යොදන Ag⁺ අවක්ෂේප වෙනවා.....(මොකද ඒවා ද්‍රාවණයේ තියාගන්න බෑනේ...ද්‍රාවණයේ දැන් පුළුවන් උපරිමේටම තියාගෙනනේ තියන්නේ.....) මේක නිකන් හරියට මේවගේ දෙයක්.......නිකන් හිතන්නකෝ මෙහෙම.....ඔන්න හිස් bus එකක් තියෙනවා.....(ඒක නිකන් හරියට ජලීය ද්‍රාවණය වගේ.....) ඒ හිස් bus එකට දැන් මිනිස්සුන්ව නග්ගාගන්නවා.....(මිනිස්සු නිකන් හරියට Ag⁺ අයන වගේ...) දැන් ඒ නගින මිනිස්සු bus එකේ වාඩි වෙනවානේ .....හැබැයි එක්තරා මිනිස්සු ප්‍රමාණයක් නැග්ගට පස්සේ.....bus එකේ...වාඩිවෙන්න sheet නැතිවෙනවා....මොකද සම්පූර්ණයෙන්ම bus එකේ Sheet පිරිලා මිනිස්සුන්ගෙන්....( දැන් bus එක හරියට Ag⁺ වලින් සංතෘප්ත ජලීය ද්‍රාවණය වගේ....)දැන් bus එකට ඊළඟට නගින කෙනාට වෙන්නේ bus එකේ හිටගෙන ඉන්න තමා.....ඔන්න දැන් ඒක හරියට අර ද්‍රාවණයේ AgCl අවක්ෂේප වුණා වගේ තමා......


0 Comments