ක්‍රීඩකයන් පෙනෙන්නේ ඔලුවෙන් හිටගෙනය....😂😂

නක්ෂත්‍ර දුරේක්ෂයක් කාච දෙකකින් සමන්විත වේ ...ඇස ආසන්නයේ ඇති කාචය උපනෙත ලෙසත්...අනෙක් කාචය අවනෙත ලෙසත් හදුන්වයි .....සාමාන්‍යයෙන් අවනෙතෙහි නාභිදුරෙහි විශාලත්වය උපනෙතෙහි නාභිදුරෙහි විශාලත්වයට වඩා වැඩිය....
සාමාන්‍යයෙන් නක්ෂත්‍ර දුරේක්ෂය භාවිතා කරන්නේ අනන්තයේ ඇති වස්තූ (නිදසුන් ලෙස ග්‍රහ වස්තූ ) නිරීක්ෂණයටයි.....
නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව හා සාමාන්‍ය නොවන සීරුමාරුව ලෙස සීරුමාරු ආකාර දෙකක් පවතී....
සාමාන්‍ය සීරුමාරුවේදී අනන්තයේ ඇති වස්තූ වල අවසන් ප්‍රතිබිම්බය අනන්තයේ සාදන අතර.....සාමාන්‍ය නොවන සීරුමාරුවේදී අනන්තයේ ඇති වස්තූන්ගේ අවසන් ප්‍රතිබිම්බය අවිදුර ලක්ෂයේ සාදයි.....
මෙහිදී සෑදෙන අවසන් ප්‍රතිබිම්බය යටිකුරු විශාල එකකි....
එබෙවින් නක්ෂත්‍ර දුරේක්ෂයක ආධාරයෙන් ක්‍රීඩා තරගයක් නැරඹීම ප්‍රායෝගික නැත.....( ක්‍රීඩකයන් පෙනෙන්නේ ඔලුවෙන් හිටගෙනය....😂😂)
නමුත් දුර ඇති ග්‍රහ වස්තුවක් නැරඹීමේදී....එය ගැටලුවක් නොවේ ......
මේ අනුව ක්‍රීඩා තරගයක් නැරඹීමේදී නක්ෂත්‍ර දුරේක්ෂය භාවිතා නොකරන අතර..ඒ සදහා දෙනෙතියක් යොදා ගනී....
0 Comments