අප පුරුදු වී සිටින්නේ ද්‍රවයන් ද ස්වකීය හැඩයත් නැතැයි සිතන්නට ය එය සැබෑ නොවේ.


අප පුරුදු වී සිටින්නේ ද්‍රවයන් ද ස්වකීය හැඩයත් නැතැයි සිතන්නට ය එය සැබෑ නොවේ. ඕනෑම ද්‍රව්‍යයක ස්වභාවික හැඩය ගෝලයක හැඩයයි සාමාන්‍ය වශයෙන් ගුරුත්ව ද්‍රව්‍යයන් මේ හැඩයෙන් සිටීමට බාධා  කරයි .ද්‍රවයක් බඳුනකින් ඉහිරී ගිය හොත් තුනී තට්ටුවක් හැඩයට විහිදී යයි . බදුනේ ම රැඳී සිටිය හොත් බඳුනේ හැඩයට සිටියි නමුත් එකම විශිෂ්ට ගුරුත්වය ඇති වූ වෙනස් ද්‍රව්‍යයක් ඇතුලත සිටින විට , ආකිමිඩීස් නියමය ට අනුකූලව නැතිවී ගොස් කිසිම බරක් නැතුව සේ පෙනී යයි දැන් ගුරුත්වය  ඒ කෙරෙහි බල නොපාන බැවින් එය ස්වකීය ස්වභාවික හැඩයට සිටී .
ඔලිව් තෙල දියෙහි පාවෙන නමුත් alcohol එහි ගිලෙන බැවින් මිශ්‍රණයේ දී තෙල ගිලෙන්නේ වත් පා වෙන්නේ වත් නැති තරම් සමානුපාතය ක ට අපට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කර ගත හැකිය .ඇසට බෙහෙත්  හලන ඇහි නෑසීයකින් තෙල් බිඳක් මිශ්‍රණයට ඇති  විට අපූරු දෙයක් සිදු වේ තෙල් ටික ලොකු වටකුරු බිඳුවක් ලෙස කැටි ගැසී නොගිලී නොපා වී එල්ලී සිටී.
නියම ගෝල හැඩය ගන්නට නම් මේ පරීක්ෂණය කළ යුත්තේ පැතලි පැති ඇති බඳුනක ය නැතහොත් දිය පිරි පැතලි පැති ඇති සාහිත්‍ය බඳුනක ඇතුලත් කරන ලද ඕනෑම හැඩයක බඳුනක ය. මේ පරීක්ෂණය කළ යුත්තේ පරිස්සමිනි ඉවසිල්ලෙන් යි නැත්නම් ලොකු බිඳුවක් වෙනුවට ඉතා කුඩා බින්දු කිහිපයක් සෑදෙන බැවිනි කාරිය හරියටම හරි නොගිය හොත් කලකිරුණු හොඳ නැත හරිගිය තරමින් පවා කාරණය සෑහෙන තරම් පැහැදිලි වේ අප මේ පරීක්ෂණය තව දුර කරගෙන යමු. දිග කෝදුවක් නැත්නම් කම්බියක් ගෙන තෙල් බින්දුව පසා කරන්න ඊළඟට කරකවන්න පටන් ගන්න තෙල්  බින්දුවත් කෝටු හෝ කම්බි ය එක්කම කරකැවේ. තෙලින් පෙඟ වූ කුඩා කාඩ්බෝඩ් පෙත්තක් කොටුවට නැත්නම් කම්බියට අමුණා ඔබ කරකවන තෙල් බින්දුව ඇතුලට සම්පූර්ණයෙන් බහා ලීමෙන් ඊටත් වඩා  හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. භ්‍රමණය වීම හේතුකොටගෙන තෙල් බින්දුව සම්පිණ්ඩණය වී ඊළඟට තත්පර ස්වල්පයකට පසු ඉන් වළල්ලක් පිට වේ වළල්ල බිඳී බිඳී යන්නට යන්නට එයින් අලුතෙන් තව තවත් බිංදු සෑදී මැද බිංදුව වටා භ්‍රමණය වෙ.බොහෝ දේ ඉගෙන ගන්නට හැකි මේ පරීක්ෂණය හා හා පුරා කියා කරන ලද්දේ ප්ලූටෝ නම් බෙල්ජියානු භෞතික විද්‍යාඥයා විසිනි මා මෙහි දක්වා තිබෙන්නේ ඊට අදාළ විස්තරය පමණි