එබැවින් රථයකින් පනින්නට වුවමනා වුනොත් ඔබ අතේ බඩු මුට්ටු ඇත්නම් පළමු කොට ඒවා පස්සට විසි කර ඊළඟට තමන් ඉස්සරහ අතට පනින්න.
රථය ගමන් කරන අතටම ඉස්සරහ පැත්තට පැනිය යුතු යැයි වැඩි දෙනා කියන බව සහතිකය. ඔවුන් ඒ කියන්නේ අවස්ථිති නියමයට අනුව පැනිය යුතු බවයි .නමුත් අවස්ථිතියේ ත් මේ කාර්යය ඇති සම්බන්ධය කුමක්ද ඕනෑම කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් නොබෝ වේලාවක් ඔවුන් අන්දුන් කුන්දුන් වී සිටින බව සහතික ය .මක්නිසාද නම් අවස්තිතිය අනුව මිනිසෙකු පැනිය යුත්තේ පිටුපස අතටය ,චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ය.ඇත්තෙන්ම වැදගත්කම අතින් අවස්තිතිය ට ලැබෙන්නේ දෙවැනි තැනයි .මිනිසෙක් ඉස්සරහ අතට පැනිය යුතු වීමට ප්‍රධාන හේතුව අවස්ථිතිය හා කිසිම සම්බන්ධයක් නොමැති හේතුවකි .මේක අපට නොසිතුනේ නම් ඇත්ත වශයෙන්ම අප සිතනුයේ ඉස්සරහ අතට නො ව පිටුපසට පැනිය යුතු බවයි .දැන් ගමන් කරන රථයකින් පනින්නට ඇතැයි සිතන්න ඉතින් මොකක්ද වෙන්නෙ පනින විට ඔබ රථය අතාරින වේලේ අවස්ථිතිය පරිදි ඔබේ ශරීරයට රථයේ ප්‍රවේගය ම ඇත්තේය. ඔබේ ශරීරය චලනය වන්නට යන්නේ ඉස්සරහ අතට ය .ඉස්සරහට පැනීමෙන් අප කරන්නේ මේ ප්‍රවේගය අඩු කිරීමක් නොව අනිත් අතට ප්‍රවේගය වැඩි කිරීමය. පස්සට පැන්නොත් එයින් ජනිත වන ප්‍රවේගය අපේ ශරීරයට අවස්ථිති යෙන් අයිති වී තිබෙන ප්‍රවේගයෙන් අඩු කරන බැවිනුත්ය එනිසා පොළොවේ පය ගසා සිටින විට අපේ ශරීරය ඇද වැටෙන්නට යන ගතිය අඩු වන බැවිනුත් එම නිසා අප පසුපසට පැනිය යුතු නොවේද ....නමුත් ගමන් කරන රථයකින් පනින විට මිනිහෙකු කොයි විටත් පනින්නේ ඉස්සරහ අතටය රථය චලනය වන දිශාවටය ඇත්තෙන්ම එය ඉතාමත් හොඳ ක්‍රමයකි. පස්සට පැනීමෙන් වන ඇබැද්දිය අත්හදා බලන්නට වෑයම් නොකරන ලෙස මම ඔබට තදින් අවවාද කරමි .මෙතැන පරස්පර විරෝධයක් තිබෙනවා වගේ පෙනෙනවා නොවේ ද ඉතින් අපේ දෙපය පොළොවේ ගෑවි නවතින විට අපේ ශරීරය තවමත් චලනය වෙමින් පවතින බැවින් ඉස්සරහ අතට පැන්නත් පස්සා අතට පැන්නත් අප වැටෙන්නට හැකිය යන අවදානම එසේමයි .මා දැනට සඳහන් කර ඇති පරිදි ඉස්සරහ අතට පැනීමේදී අප ශරීරය චලනය වන වේගය පස්ස අතට පැනීමේදී ඒ වේගයට වඩා තවත් වැඩිය නමුත් පස්සා අතට පැනීමට වඩා ඉස්සරහ අතට පැනීම බොහෝ සෙයින් පරිස්සම් සහගත ය .මක්නිසාද යත් එවිට අප නොවැටී සිටීම පිණිස ඉබේම වාගේ කකුලක් ඉස්සරහ අතට ගමන් කරන බැවිනි එසේ නැත්නම් පියවර කීපයක් දුවගෙන පවා යන බැවිනි. අප මෙසේ කරන්නේ සිතාමතා නොවේ ඇවිදීම වගේ අන්තිමට බැලුවම ඉහත කියන ලද පරිදි ඇවිදීම යන්නෙන් වැටීම වැළැක්වීම සඳහා කකුලක් ඉස්සරහට ගස්සමින් අපේ ශරීරය විසින් ඉස්සරහා අතට කෙරෙන වැටීම වැළැක්වීම පමණි. පස්සා අතට වැටීමේදී කකුලේ මේ ආරක්ෂා චලනය නොකෙරෙන බැවින් අන්තරාය බෙහෙවින් වැඩිය ඉස්සරහ අතට පැනීමේදී අප වැටුණත් දණ බිම ගැසීමෙන් ගැටුමේ වේගය බාල කරගත හැකි ගත හැකිය පිටුපසට වැටුනොත් අපට ඒ පිහිට ලබාගත නො හැකි ය. දැන් ඔබටම වැටහෙන පරිදි ඉස්සරහ අතට පැනීම වඩාත් පරිස්සම් සහිත වන්නේ එතරම්ම අවස්තිතිය නොව අප නිසාමය .නමුත් මේ නීතිය බඩු මුට්ටු වලට නම් අදාළ නොවන බව පැහැදිළිය නිදසුනක් වශයෙන් කියතොත් ගමන් කරන රථයකින් ඉස්සර අතට බෝලයක් විසි කළහොත් එය බිම වැටී බිඳී යාමට බොහෝ ඉඩ ඇත නමුත් පස්සේ අතට විසි කළොත් එවැනි හානියක් වීමට එතරම් ඉඩක් නැත එබැවින් රථයකින් පනින්නට වුවමනා වුනොත් ඔබ අතේ බඩු මුට්ටු ඇත්නම් පළමු කොට ඒවා පස්සට විසි කර ඊළඟට තමන් ඉස්සරහ අතට පනින්න. කොන්දොස්තරවරුන් හා ටිකට් පරීක්ෂක වැනි පළපුරුදු ඇත්තන් බොහෝවිට පනින්නේ පස්සා අතටය නමුත් එසේ කරන විට ඔහු සිටින්නේ තමන් පනින අතට පිට හරවා ගෙන ය. මෙයින් ඔවුන්ට වාසි දෙකකි පළමු කොට අවස්ථිතිය නිසා ශරීරය ලබාගන්නා වේගය බාල වේ දෙවනුව ඔවුන් පනින්නේ ඉස්සරහ අතට මුහුණ දීගෙන බැවිනි වැටුනත් වැටෙනවා ඇත්තේ ඒ අතට ම ය. උඩුබෙලි අතට වැටීමෙන් වලකීයි.....


0 Comments