උණ්ඩයක් ඇල්ලීම
පහත සඳහන් අපූරු සිද්ධිය පලමු වන ලෝක යුද්ධ සමයේදී වාර්තා විය. ප්රංස ගුවන් නියමුවෙකු 2km ඉහලින් පියාසර කරද්දී තමන්ගේ මුහුණට කිට්ටුවෙන් මොකක්දෝ දැක සතෙක් යැයි සිතා එය අතින් අල්ලා ගත් විට තාම අල්ලා ගත්තෙ ජර්මන් වෙඩි උණ්ඩයක් යැයි දැක පුදුමයට පත් විය. මෙය දැන් සිටින ගජබින්න කියන දේශපාලුවන් කියන කතා වලට සමාන කරන්න එපා. මේ උණ්ඩය අල්ලාගැනීමේ කතාවේ අදහාගත නොහැකි දෙයක් නැත. උණ්ඩයක් ගමන් කරන දිශාවට එම ප්රවේගයෙන් ම ගමන්කරන විට ගුවන් නියමුවා ට සාපේක්ෂව උණ්ඩය නිශ්චල වේ. තව ද උණ්ඩය නිකුත් කරන ප්රවේග යෙන් ම එය ගමන් කරන බව සිතන්නෙ නම් ඔබ ප්රායෝගික නැත. වාත ප්රතිරෝධය, සුළඟ වැනි විවිධ සාධක නිසා එහි ප්රවේගය ආරම්භක අගයට වඩා බොහෝ අඩු වෙයි.... තව ද විශේෂයෙන් කිවයුතු දෙයක් ඇත. වාතය හරහා ගසාගෙන යැමේදී උණ්ඩය තරමක් උණු වෙන බැවින් අත් ආවරණලාගේන එය ඇල්ලීම නුවණට හුරුය....


1 Comments
😂😂
ReplyDelete